11 Jan 2015
ජනපති මෛත්‍රී අද ජාතිය අමතයි
අභිනව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (11) මහනුවර ශී‍්‍ර දළඳා මාලිගාවේ පත්තිරිප්පුවේ සිට ජාතිය ඇමතීමට නියමිතව තිබේ.
දෙරණ නිව්ස් වාර්තා කරන පරිදි මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ නායකයින් රැගත් රිය පෙරහැර උදෑසන 08ට මහනුවර දක්වා ගමන් ආරම්භ කර ඇත්තේ කොළඹ නිදහස් චතුරස්‍රය අභියස සිටයි.
රාජ්‍ය නායකයින් පිරිස හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසල දී විශේෂ සැමරුමකට එක්වීමට ද නියමිතව තිබේ.
පස්වරු 02ට ජනාධිපතිවරයා ජාතිය අමතන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඊයේ (10) පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේය.
මෙම සංචාරයේ දී නව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමට ද නියමිතව තිබෙන බව නෙත් නිව්ස් වාර්තා කරයි.