ජනපති මෛත්‍රී චීනයට ළඟාවෙයි

null

සිවුදින නිල සංචාරයක් සඳහා චීනයට ගිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (25දා) රාත්‍රියේදී බීජින් ගුවන්තොටුපොලින් චීනයට ළඟාවිය.

ඔහුව පිළිගැනීම සඳහා චීන විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ලියූ ජායිචාඕ බීජින් ගුවන්තොටට පැමිණ තිබේ.

ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය අද චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ ප්‍රධානත්වයෙන් චීන මහජන ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

දෙරටේ නායකයින් අතර ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය. එමෙන්ම දෙරට අතර ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබීමට නියමිතය.

චීන ජනාධිපතිවරයා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත විශේෂ දිවා භෝජන සංග්‍රහයක්ද සංවිධානය කර ඇති බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>