21 Nov 2014
ජනපති මෛත්‍රී හා රාජිත පක්ෂයෙන් නෙරපයි
අමාත්‍යවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, දුමින්ද දිසානායක, රාජිත සේනාරත්න, නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඒ.ඞී.එස්. ගුණවර්ධන ඔවුන් දැරූ සියලූ අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
එමෙන්ම ඔවුහු ශ්‍රීලනිප සාමාජිකත්වයෙන් ද ඉවත් කරනු ලැබ තිබේ.
අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා තමා ‘පොදු අපේක්ෂක‘ ලෙස කටයුතු කරන බවත්, එල්ලවිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමන් සූදානම් බවත් සඳහන් කළේය.