ජනපති ලියුමෙන් කියූ 7දෙනාට අගමැති ධූරය එපාලු – මහින්දට දෙන්නලු

null

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා වෙත යවන ලද ලිපියේ අගමැති තනතුර සඳහා යෝජනා කර ඇති පිරිස අද (14) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා තිබේ.

එහිදී හිටපු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සන්ධානයෙන් අගමැති ධූරයට යෝජනා කළ තමා ඇතුළු හත් දෙනාගෙන් කිසිවෙකු එය භාර ගැනීමට සුදානම් නොමැති බවයි.

තමන් මහින්ද රාජපක්ෂ මහතාව අගමැති තනතුර සඳහා යෝජනා කරන බව ඔවුන් පවසා ඇත. මේ අතර මහින්ද රාජපක්ෂ මහතාව අගමැති තනතුර සඳහා යෝජනා කරමින් ඔවුන් ජනාධිපතිවරයාට ලිපියක් ද යොමු කර තිබේ.

එම ලිපිය සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැති තනතුරට සුදුසු බවට යෝජනා කරන ලද හත් දෙනා අතරින් හය දෙනෙකු අත්සන් තබා ඇති අතර ඒ.එච්.එම්.ෆවුසි මහතා ඊට අත්සන් කර නොමැත.

එම ලිපිය පහතින්…

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>