ජනපති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ 25ක් දොට්ට දාලා

null

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන සාමාජිකයින් 25 දෙනෙකු පක්‍ෂ සභාපති ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඉවත් කර තිබෙන බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

ඒ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කරමින් ලිපියක් යොමු කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කර ඇත.

ඒ අනුව නව සාමාජිකයින් 25 දෙනෙකු එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව සඳහා ජනාධිපතිවරයා නියමයෙන් පත්කර ඇති අතර පක්‍ෂයේ නව ලේකම් දුමින්ද දිසානායක මහතාගේ අත්සනින් යුතුව නව පත්වීම් ප‍්‍රධානය කර ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර ඇත්තේ මධ්‍යම කාරක සභාව කැඳවීමකින් තොරව එහි සාමාජිකයින් ඉවත් කිරීම නීත්‍යානුකුලව කළ නොහැකි බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>