ජනපති සහ අගමැතිගෙන් වෙසක් පණිවිඩ

null

ලොව සියලූ යුගයන්ට සරිලන සේ දෙසූ අකාලික දහමක් වන බුදුදහම ජිවිතවලට වඩා සමීප කර ගැනීමෙන් මෛත්‍රී සහගත සමාජයක් බිහිකළ හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අදට යෙදි ඇති වෙසක් පොහොය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සියලූ සත්වයන් කෙරෙහි උපන් මහා කරුණාවෙන් මෙලොව පහල වූ බුුදුරජාණන් වහන්සේගේ තෙමගුල සැමරෙන වෙසක් පොහොය දින සියලූ දෙනා තුළ ශාන්තියෙන් පිරි බැතිබර ප්‍රීතියක් ජනිත කරන බවයි.

බුදුදහමේ ඉගැන්වීම් වඩ වඩාත් අනුගමනය කිරීමෙන් අධ්‍යාත්මික විමුක්තියක් කරා එළඹෙන අතරම යහපත් සමාජයක් ගොඩනැගීමටද එමගින් හැකි වේවායි ප්‍රාර්ථනා කරන බව එම පණිවිඩයේ වැඩිදුරටත් සදහන්.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ චින්තනයේ වෙනසක් සමඟ බුදු දහමේ අර්ථ සම්පන්න වටිනාකම් ජීවිතයට ළං කරගනිමින් සැබෑ බුදු දහමේ ආලෝකය වඩ වඩාත් සමාජය වෙත ගෙන ආ යුතු යුගයක් එළැඹ ඇති බවයි.

උතුම් වූ වෙසක් උත්සවය සැණකෙළියක් බවට පත්කර නොගෙන සමස්ත ලාංකීය ජනතාව සමඟ අධ්‍යාත්මික දියුණුව සහ සමාජ නවෝදයක් උදෙසා කටයුතු කිරීමට පිළිවෙතින් සිත් තබාගත යුතු බවහ ඔහු පෙන්වාදෙයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>