ජනපති සහ ඉන්දීය අගමැතිගේ දුරකථන සංවාදය

null

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා අතර දුරකථනය ඔස්සේ සාකච්ඡාවක් සිදුව තිබේ. ජනාධිපති ප‍්‍රකාශක මොහාන් සමරනායක සඳහන් කළේ ඊයේ රාත‍්‍රියේ මෙම දුරකථන සංවාදය සිදුව ඇති බවයි. එහිදී දෙපාර්ශවය අතර කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී තිබේ.

විශේෂයෙන්ම එහිදී ධීවරයන් ලෙස පෙනී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ බවට වැරදිකරුවන්ව මරණ දඩුවම හිමිවූ ඉන්දීය ජාතිකයන් 5 දෙනා පිළිබඳව අදහස් හුවමාරු වූ බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ නායක සුබනියන් ස්වාමි පවසන්නේ ඉන්දීය අගමැතිවරයාත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාත් අතර පැවැති දුරකථන සංවාදයේදී මරණ දඬුවම නියම ව සිටින ඉන්දීය ධීවරයින් 5 දෙනා එරට බන්ධනාගාරයකට මාරුකර යැවීම ගැන දෙපාර්ශවය එකඟතාවයකට පැමිණ ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට පත්වූ ඉන්දීය ධීවරයන් 5 දෙනාට කොළඹ මහාධිකරණය පසුගියදා මරණ දඬුවම නියම කළ අතර ඊට එරෙහිව තමිල්නාඩු ප්‍රාන්ත රජය විරෝධතා දැක්වූ අතර මොවුන් සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉන්දීය මධ්‍යම රජයට ද ඔවුන් බලපෑම් කරන ලදී.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>