ජනපති සහ තායිලන්ත අගමැති අතර හමුවක්

null

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ තායිලන්ත අග්‍රාමාත්‍ය, ජෙනරාල් ප්‍රයුත් වාන් ඕ වා මහතා අතර නිල සාකච්ඡාවක් ඊයේ (02) පෙරවරුවේ අග්‍රාමාත්‍ය නිල නිවසේදි පවත්වා තිබේ.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 60 ක් සැපිරිම නිමිත්තෙන් විශේෂ සමරු මුද්දරයක් එළිදැක්විම ද මෙහිදී සිදු වුණි.

එමෙන්ම දෙරටේ ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් නායකයින් දෙපලේ අවධානය යොමුව තිබේ.

තාක්ෂණ සහ පර්යේෂණ කටයුතු වෙනුවෙන් සහය ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීමට තායිලන්ත අග්‍රාමත්‍යවරයාගේ එකඟතාව පල වූ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර සිටියේය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ඛණිජ තෙල්, ධිවර සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයන්හි ආයෝජන සිදු කිරිම පිළිබඳ සොයා බැලීමට තායිලන්ත ආයෝජකයින් පිරිසක් ශ්‍රී ලංකාවට එවන බව එරට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>