ජනපති සහ හිටපු ජනපති අතර හමුවක්

null

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් අද පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

නෙත් නිව්ස් වාර්තා කරන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතු වී තිබෙන අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය සම්බන්ධයෙන්ද අද පැවැත්වෙන එම සාකච්ඡාවේදී අවසන් එකඟතාවකට පැමිණෙනු ඇත.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී මෙම හමුව පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>