ජනපති ස්කයිප් ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබ පතයි

null

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ස්කයිප් (Skype) ඔස්සේ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග සඳහා සුබ පැතුම් එක් කර තිබේ.

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුථ කණ්ඩායම සමඟ අද (15) දහවල් ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ ජනාධිපතිතුමා සිය සුබපැතුම් පිරිනැමු අතර 2015 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ශක්තිය ධෛර්ය ලැබේවායිද ප්‍රාර්ථනය කර තිබේ.

එමෙන්ම 2015 ලෝක කුසලාන තරගාවලිය තුළ සුවිශේෂි දක්‍ෂතා දක්වමින් ලෝක වාර්තා කිහිපයක් පිහිටවූ කුමාර් සංගක්කාරගේ දක්‍ෂතාද ජනාධිපතිවරයා මෙහිදී අගය කිරීමට ලක්කර තිබෙන අතර මාතෘ භූමියේ කීර්ති නාමය ලෝකය හමුවේ ප‍්‍රදර්ශනය කිරීම වෙනුවෙන් ඔහුට ජනාධිපතිවරයා මෙහිදී ස්තුතිය පළ කළ බවද ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>