ජනපති සාක් සමුළුව අමතයි – මෝදිගෙන් පැසසුම්

null

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නේපාලයේ, කත්මණ්ඩු නුවර රාෂ්ත්‍රියා සභා ග්‍රිහා හි පැවති 18 වැනි සාක් සමුළුවේ ආරම්භක සැසිය ඊයේ අමතනු ලැබුවේය.

සාම්ප්‍රදායික ප්‍රවේශයෙන් ඔබ්බට ගොස් ජනතාවට ඍජු ප්‍රතිලාභ ලබාදෙන ක්‍රමවේදයන් කරා යොමුවීමට කාලය එළඹ ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී පවසා ඇත. එමෙන්ම බිලියන 1.6 කට අධික ජනගහණයක් සිටින දකුණු ආසියාතික කලාපය තුළ සියයට 24.5ක ප්‍රතිශතයක් දිළිඳු භාවයෙන් පීඩා විඳින බවද මේ හේතුවෙන් නාගරික සහ ග්‍රාමීය ජනතාව අතර පවතින විෂමතාවන් අවම කොට දිළිඳු භාවය පිටුදැකීම කෙරෙහි සාර්ක් සංවිධානයේ අවධානය යොමු විය යුතු බවද ජනාධිපතිවරයා පවසා ඇත.

එහිදී ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපතිවරයා වෙත ඉන්දීය ධීවරයන් නිදහස් කිරීම පිළිබඳව සිය ස්තූතිය පළ කර තිබේ.

18 වන සාක් සමුළුවේ අවසාන දිනය වන අද දිනයේ රාජ්‍ය නායක සමුළුවේ සාකච්ඡා සැසිය නේපාලයේ කත්මන්ඩු නුවරදී ආරම්භ වීමට නියමිතය.

‘‘සාමය සහ සමෘද්ධිය වෙනුවෙන් සාමූහිකව කටයුතු කරමු.’’ යන්න මෙවර සාක් රාජ්‍ය නායක සමුළුවේ තේමාවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>