ජනපති සියලුම පක්ෂ වලින් ඉල්ලීමක් කරයි

null

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට සඳහා සියලුම පක්ෂවලින් සහයෝගය ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එමගින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස ජාත්‍යන්තරය තුළට රැගෙන යා හැකි බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

නව රජයේ දින 100 වැඩසටහන සම්පූර්ණ වීම නිමිත්තෙන් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ජාතිය අමතමින් ජනාධිපතිවරයා ඊයේ (23) මේ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම, නව මැතිවරණ ක්‍රමය ඇතුළත් 20 වන සංශෝධනය ද ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

ඇතැමුන් දින සියයේ කළ දේ ගැන ප්‍රශ්න කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව නිසා බෙදුණු ජාත්‍යන්තරය දිනා ගැනීම ඉන් එක් කළ හැකිවූ දෙයක් බවත්, නොබැඳි ප්‍රතිපත්තියක් අනුගමනය කරන තම රජය ඉන්දියාව,බ්‍රිතාන්‍ය සහ චීනය ඇතුලු රටවල් සමග සම්බන්ධතා ගොඩනැගූ බවත් ඔහු පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයාගේ සම්පුර්ණ කතාව පහතින්…

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>