ජනපති සොහොයුරු කොළඹට – සැකකරු බාරවෙයි

null

පොරොවකින් පහරදීම හේතුවෙන් තුවාල ලබා කොළඹට රැගෙන එනු ලැබූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරු ප්‍රියන්ත සිරිසේන හෙවත් වැලිරාජු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

ඔහු මේවන විට එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද වාර්තා වේ.

පොළොන්නරුව – 4 ඇළ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ මෙලෙස ප්‍රහාරයකට ලක්වූ ඔහු මුලින්ම පොළොන්නරුව මහරෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබුහා. එහිදී හදිසි ප‍්‍රතිකාර ලබාදුන් ප්‍රියන්ත සිරිසේන ගුවන් මගින් කොළඹට ගෙන ඒමට කටයුතු කර තිබුණි.

හිරු නිව්ස් වාර්තා කරන පරිදි ප්‍රියන්ත සිරිසේනට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ මිතුරෙකු වන ලක්මාල් නමැත්තා සොයා පොලිස් පරීක්ෂණ දියත් කෙරුණු අතර පසුව ඔහු ඊයේ රාත්‍රියේ බකමූණ පොලිසියට භාර වී ඇත. සැකකරු අද (27) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහාකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කර තිබේ.

පෙර පළවූ පුවත පහතින්…

මෛත්‍රීගේ සොහොයුරා දරුණු පිහි පහරකින් රෝහලේ

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>