26 Nov 2015
ජනවාරි 1 වැනිදා සිට සේවයට බැඳෙන රජයේ සේවකයන්ට විශ්රාම වැටුප් නෑ
ලබන ජනවාරි පළමු වැනිදා සිට රාජ්ය සේවයට බැඳෙන සේවකයන්ට විශ්රාම වැටුප් ක්රමය අහිමිවන බව රාජ්ය පරිපාලන සහ කළමනාකරණ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.
ශ්රී ලංකාවේ ජනගහනයෙන් සෑම දාසය දෙනකුගෙන්ම එක් අයකු රාජ්ය සේවකයකු බවද එවන් පිරිසකට වැටුප් සහ විශ්රාම වැටුප් ගෙවීම රටට විශාල වැය බරක් වී ඇති බවද ඇමැතිවරයා කීය.
ඒ අනුව දැනට ක්රියාත්මක කෙරෙන විශ්රාම වැටුප් ක්රමය වෙනුවට සේවකයාගේ සහ රජයේ දායකත්ව මුදලකින් නිර්මිත වන ‘දායකත්ව විශ්රාම වැටුප් ක්රමයක්’ හඳුන්වාදෙන බව ඇමැතිවරයා සඳහන් කරයි.
දායකත්ව විශ්රාම වැටුප් ක්රමය ලෝකයේ රටවල් ගණනාවක ක්රියාත්මක කෙරෙන බවද ඉන්දියාවේ ක්රියාත්මක කෙරෙන්නේ එම ක්රමය බවද කී රංජිත් මද්දුම බණ්ඩාර ඇමැතිවරයා ලෝකයේ වෙනස්වන ක්රමවේදයට අනුව අපේ කටයුතු ද වෙනස් කළ යුතු බව කීය.