13 Jul 2015
ජනවාරි 8 ජයග්රහණය යළි පරාජයට ඉඩ නෑ
ජනවාරි 8 වන දින ජනතාව ලැබු ජයග්රහණය යළි පරාජය කිරීමට ඉඩ නොතබන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි.
යහපාලනය සඳහා වු එක්සත් ජාතික පෙරමුණ බිහිකිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මෙම අදහස් පල කර තිබේ.
එක්සත් ජාතික පක්ෂය පෙරමුණක් ලෙස ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීමට තීරණය කරන ලද්දේ එම ජයග්රහණය තහවුරු කරගැනීම සඳහා බව හෙතෙම වැඩි දුරටත් සඳහන් කර තිබේ.