ජනවාරි 8 සිදුවූ පරිවර්තනය ආපස්සට ගන්නේ නෑ

null

පසුගිය ජනවාරි 8 වැනිදා රට තුළ සිදුවූ පරිවර්තනය පිළිබඳ රටේ පොදු මහ ජනතාව තැබූ බලාපොරොත්තු ආපසු හැරවීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

පවුල් පාලනයෙන් තොර යහපත් රාජ්‍ය පාලනයක් රටතුළ ක්‍රියාත්මක කරවීමට තවදුරටත් කැපවන බවද හෙතෙම අවධාරණය කර තිබේ.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම හම්බන්තොට කොටසේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවයට අද (04) පෙරවරුවේ එක්වෙමින්.

“පක්ෂයේ තීන්දු තීරණවලදී ජනවාරි 8 ජනතා විජයග්‍රහණය ට – පරිවර්තනයට කිසිදු හානියක් වීමට ඉඩ තබන්නේ නෑ. රටේ සියලු දෙනාට යුක්තිය සහ සාධාරණය ඉටුකරමින් දූෂණයෙන් තක්කඩිකමින් හා පවුල් පාලනයෙන් තොර යහපාලනය තහවුරු කරනවා. ජනවාරි 8 පරිවර්තනය පිළිබඳ පොදු ජනතාවගේ අපේක්ෂාව ආපසු හැරවීමට කිසිවෙකුටවත් ඉඩ දෙන්නේ නැහැ.”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>