ජනාධිපතිතුමාට තෙවරක් නොව පස් වරක් වුනත් ඉල්ලන්න පුළුවන්

null

කඩුවෙල මාර්ග කිහිපයක සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවකට සහභාගී වූ පරිසර හා පුනර්ජනනීය බලශක්ති ඇමති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පැවසුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තුන් වරක් නොව පස්වරක් වුවත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කිසිදු බාධාවක් නොමැති බවයි.

ඔහු වැඩි දුරටත් මෙසේ පවසා ඇත,

“අද බයක් සැකක් නැතුව රටේ ඕනෑම තැනක යන්න පුළුවන්. යාල් දේවී කෝච්චියෙ කෙළින්ම යාපනේට ගිහින් නාග විහාරෙ වැඳලා පහුවෙනිදාට කොළඹ එන්න පුළුවන්. එහෙම තත්ත්වයක් ඇති වුණේ අපේ ජනාධිපතිතුමා රණවිරුවන්ගෙ සහයෝගයෙන් මේ රට ත‍්‍රස්තවාදීන්ගෙන් නිදහස් කර ගත්ත නිසා. ඒ දවස්වල රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කළේ මහ කැලයක් අල්ල ගත්තා කියලා අපට විහිඑ කරන එකයි. යුද්ධය ඉවර කරපු නිසා දැන් රටේ සාමය තියෙනවා, මහා මාර්ග හැදිලා තියෙනවා, විදුලිය දීලා තියෙනවා.
මේ ප‍්‍රදේශයේ විදුලිය දෙන්න තැනක් නැහැ, හැමෝටම විදුලිය දීලා ඉවරයි. ජලයත් ලබාදීලා ඉවරයි. ඒ නිසා මෙවර සල්ලි වෙන් කරලා තියෙන්නෙ පාර කාපට් කිරීම සඳහායි. පාර කාපට් කරන්න විශාල මුදලක් වියදම් වෙනවා. ඒ වගෙ විශාල මුදලක් මේ පාරවල්වලට වෙන් කරන්න පුඑවන් වුණේ ජනාධිපතිතුමාගෙ නායකත්වයෙන් යුද්ධය ඉවර කරලා රට සංවර්ධය කරන්න රජයට පුළුවන් වූ නිසයි. යුද්ධය ඉවරයි සල්ලිවලට මොකද වුණේ කියලා විපක්ෂය අහනවා. මේ ඒවා තමයි.

අද විපක්ෂයෙ අයට ලේසියෙන් හැමදේම විවේචනය කරන්න පුළුවන්. සමහර අය කියනවා ජනාධිපතිතුමාට තුන් පාරක් බැහැ කියලා. එතුමාට තුන් පාරක් නෙමෙයි පස් පාරක් වුනත් පුළුවන්. ඒකෙ කිසිම ප‍්‍රශ්නයක් නැහැ. ජනාධිපතිතුමා එන් නැත්නම් විපක්ෂයට පහසුයිනෙ. දැන් ඒ අය ඇවිල්ලා මොනවා කරන්නද? යුද්ධය ඉවර කරන්නද? සාමය ගේන්නද? පාරවල් හදන්නද? විදුලිය, ජලය දෙන්නද? ඕනෑ නම් කියයි අපි බඩු මිල අඩු කරනවා කියලා. ඒකත් තව සති දෙකක් තුනක් යද්දි කියන්න හම්බවෙන්නෙ නැහැ. තව සහන ගණනාවක් ඊළඟ සති දෙක ඇතුළත ජනතාවට ලැබෙනවා.”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>