ජනාධිපතිවරණයට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණයේ
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද දහවල් 1.28ට පමණ ජනාධිපතිවරණයට අනුමැතියදී ගැසට් පත්‍රයට අත්සන් තැබුවේය. එම ගැසට් නිවේදනය අද පස්වරුවේ රජයේ මුද්‍රණාලය වෙත ලැබී තිබේ.
රජයේ මුද්‍රණාලයාධිපති ලලිත් ද සිල්වා මහතා පවසා ඇත්තේ මුද්‍රණය කරන ලද ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා වෙත භාර දෙන බවයි.
එම ගැසට් නිවේදනය තමන්ට ලැබීමෙන් පසු ජනාධිපතිවරණය පවත්වන දිනය අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා පවසයි. 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබද පනතේ 2 වන වගන්තිය අනුව කි‍්‍රයා කරමින් නාමයෝජනා භාර ගැනීමේ දිනය, ස්ථානය සහ ඡුන්ද විමසීම පැවැත්වෙන දිනය අතිවිශේෂ ගැසට් පත්‍රයක් හරහා කඩිනමින් නිවේදනය කරන බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කරයි.
මේ අතර ජනාධිපතිවරණය අවසන් වනතෙක් රජයේ මුද්‍රණාලයේ සියලූම සේවකයන්ගේ නිවාඩු අවලංගු කළ බව මුද්‍රණාලාධිපති ලලිත් ද සිල්වා මහතා පවසයි. ඡන්ද පත්‍රිකා ඇතුළු, මැතිවරණයට අවශ්‍ය ලිපිලේඛන මුද්‍රණය කිරීම සඳහා මෙලෙස නිවාඩු අවලංගු කළ බව ඔහු හිරු නිව්ස් වෙත පවසා ඇත.