ජනාධිපතිවරණයදා පොලීසියෙන් විශේෂ ආරක්ෂාවක්

null

ජනාධිපතිවරණ දිනයේදී සෑම ඡන්ද මධ්‍යස්ථානයක් ආශ‍්‍රිතවම ආයුධ සන්නද්ධ නිලධාරීන් ආරක්ෂාව සඳහා යොදවන බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පවසනවා. කොළඹ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

විශේෂිත ඡන්ද මධ්‍යස්ථානයක් නම් තේරීම් භාර නිලධාරීවරුන්ගේ නිර්දේශය මත ඊට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට සූදානම් බවත්, ජනාධිපතිවරණය පැවැත්වෙන දිනට රාජකාරි කටයුතු සඳහා යොදවන සෑම පොලිස් නිලධාරියෙකු හටම ටී 56 ගිනි අවියක් ලබාදීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇති බවත් ඔහු සඳහන් කර තිබේ.

නෙත් නිව්ස් වාර්තා කරන්නේ පොලිස් නිලධාරීන් මැතිවරණ නීතිය ආරක්ෂා කරන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් පිරිසක් යොදවන බවද අජිත් රෝහණ මහතා පැවසු බවයි.

එමෙන්ම කටවුට් සහ බැනර් ඉවත් කිරීමට කටයුතු නොකරන පොලිස් ස්ථානාධිපතිවරුන්ට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කරන බවද ඔහු පවසා තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>