ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ඇරඹේ

null

ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන හත්වන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද (08) උදෑසන 7 ට ආරම්භ වූ අතර ඡන්දය ප‍්‍රකාශ කිරීම පස්වරු 4ට අවසන් වේ.

උදෑසනම ඡන්ද මධ්‍යස්ථාන වෙත ගොස් ඡන්දය භාවිත කරන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටි. ඡන්දය භාවිත කිරීම සදහා මැතිවරණ මහලේකම් කාර්යාලය විසින් පිළිගත් හැදුනුම්පතක් තිබීම අත්‍යවශ්‍ය බව ඒ මහතා සඳහන් කරයි.

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 19 කු ඉදිරිපත්වී සිටින අතර ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින ලියාපදිංචි ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව එක් කෝටි පනස් ලක්ෂ 44 දහස් 490 ක්.

මේ වන විට ඡන්දය සාමකාමිව පැවැත්වෙන බව වාර්තා වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>