28 Dec 2014
ජනාධිපතිවරණය කල් යයිද?
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික් 17ක පමණ පුද්ගලයන් දශ ලක්ෂයකට අධික පිරිසක් විපතට පත්ව සිටිති. මේ හේතුවෙන් ලබන 8 වැනිදා ජනපතිවරණය පැවැත්වීම ගැන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා යළි සලකා බැලීමට තීරණය කර ඇති බව ලංකාදීප පුවත් වාර්තා කරයි.
විපතට පත්වූ ප්‍රදේශයන්හි ඡන්ද පත්‍රිකා බෙදීම අපහසුවී ඇති අතර මැතිවරණ කොමසාරිස්වරයා එම දිස්ත්‍රික්වලට පෞද්ගලිකවම ගොස් දිසාපතිවරුන් හමුවීමට නියමිතය.
මේ අතර එම තත්වය පිළිබඳව අවධානය යොමු කරන ලෙසට මෛත්‍රීපාල සිරිසේන මහතාට සම්බන්ධ නීතිඥවරුන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේන් ඉල්ලා තිබේ.
නමුත් සන්ධාන ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසා ඇත්තේ කිසි ලෙසකින් ඡන්දය කල් දැමීමට එකඟ නොවන බවයි.