ජනාධිපතිවරණය පිළිබඳව ජගත් ලේකම් අවධානයෙන්

null

එළඹෙන ජනාධිපතිවරණය වඩාත් සාමකාමී අයුරින් පවත්වනු ඇති බවට අපේක්ෂා කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය යළිත් වරක් අවධාරණය කර තිබෙන බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජනාධිපතිවරණ සමයේ වාර්තාවන සිද්ධීන් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා නිරතුරු දැනුම්වත්ව සිටින බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටීෆන් දුෂාරික් ප්‍රකාශ කර ඇතැයි එක්සත් ජාතීන්ගේ නිල වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

සුළු ජාතීන් ඇතුළු සියලු දෙනාට ඡන්දය ප්‍රකාශ කිරීමේ පුළුල් ඉඩකඩ ලැබෙනු ඇති බව තමන් විශ්වාස කරන බවද මහලේකම්වරයා සඳහන් කර තිබේ.

ලබන 8 වන දා පැවැත් වීමට නියමිත ජනාධිපතිවරණය වඩාත් සාමකාමී අයුරින් සහ විශ්වසනීයත්වයෙන් යුතුව පැවැත්වෙනු ඇති බවට තමා තරයේ අපේක්ෂා කරන බව පසුගිය දා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ප්‍රකාශ කර තිබුණි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>