19 Jan 2015
ජනාධිපති සිටින නිවස හිටපු ජනපතිට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නිල නිවස වශයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිතා කරන ලද නිල නිවස ලබාදීමට රජය මීට පෙර තීරණය කර නමුත් මේ වනවිට එම තීරණය වෙනස්කර තිබේ.
ඒ වෙනුවෙන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා දැනට පදිංචිව සිටින කොළඹ විජේරාම මාවතේ නිල නිවස හිටපු ජනාධිපතිවරයාට ලබාදීමට තීරණය කර තිබේ.
ඒ අනුව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ‘විසුම්පායේ’ පදිංචියට යනු ඇති බවට වාර්තා වේ. එතුමා ජනපති නිල නිවාස වන අරලියගහ මැදුරේ වාසය කිරීම ප්රතික්ෂේප කර තිබුණි.
මිට පෙර කොළඹ විජේරාම මාවතේ නිල නිවසේ පදිංචිව සිටියේ දිවංගත ලක්ෂ්මන් කදිරගාමර් මහතා ය.