ජනේලයක් හිසමත වැටීමෙන් දරුවෙකු මියයයි
කුඩා දරුවන්ගේ නොදැනුවත්කම හේතුවෙන් විවිධ අනතුරු සිදුවිය හැකි බැවින් දෙමව්පියන් තමන්ගේ කුඩා දරුවන් ගැන නිතර අවධානයෙන් සිටිය යුතුය. මොහොතකට එම අවධානය මග හැරීමෙන් සිදුවූ අවාසනාවන්ත පුවතක් කළුතර පලාතොට ප්රදේශයෙන් වාර්තා වේ.
දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමලා වන මෙතිඳු දුල්නෙත් වයස අවුරුදු 4ක දරුවෙකි. ඔහුගේ පිය විසින් නෑවීමෙන් පසු නිවස ඉදිරිපිටට වී සෙල්ලම් කරමින් සිටි මෙතිඳු පියාට පවසා ඇත්තේ තමන්ට බඩගිනි බවය. ඒ අවස්ථාවේ නංගිගේ රෙදි සෝදා එනතෙක් මද වෙලාවක් සිටින ලෙස පැවසු පියා එම කාර්ය සඳහා ගොස් ඇත. ඉන්පසු ඔහුට යම් ශබ්දයක් ඇසී ඇති අතර ඉක්මනින් පැමිණ බලන විට දරුවා නිවසේ බිත්තියකට හේත්තු කර තිබු ජනෙල් රාමුවකට යටවී සිටිනු දැක ඇත.
එම අවස්ථාවේදී පියා ඉක්මනින් තම දරුවා රෝහල් ගත කිරීමට පියවර ගනු ලැබුවත් හිසට ඇතිවූ බරපතල තුවාල හේතුවෙන් 4 හැවිරිදි මෙතිඳු දුල්නෙත් මෙලොවින් සමුගෙන තිබේ.