ජපන් සිසුවියක් ඉන්දියාවේදී සමූහ දූෂණයට ලක්වේ

null

ජපන් ජාතික ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් මසකට වැඩි කාලයක් වරින්වර දුෂණය කිරීම පිළිබඳව මිනිසුන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.

මෙම සිදුවීම පිළිබඳ පරීක්ෂණ සිදුකරන කල්කටා පොලීසිය පවසන්නේ නොවැම්බර් මස 23 වැනිදා සිට මාසයක පමණ කාලයක් ස්ථාන දෙකකදී වරින් වර මෙම ජපන් ශිෂ්‍යාව සමූහ දූෂණයට ලක්කර ඇති බවයි.

විත්තිකරුවන් අතරින් දෙදෙනෙකු සංචාරක මග පෙන්වන්නන් ලෙස මෙම ජපන් යුවතිය වෙත පැමිණ පැහැර ගෙන ගොස් විවිධ තැන්වල රඳවා තබා ගනිමින් දුෂණය කරතිබේ. ඉන් එක අයෙකුට ජපන් බස හොඳින් හැසිරවිය හැකි බවත්, ඒ ඔස්සේ මෙම ශිෂ්‍යාවට නවාතැන් පහසුකම් සලසන මුවාවෙන් ඇය පැහැරගෙන ඇති බවත් පැවසේ.

මෙසේ රඳවා තබා ගත් එක ස්ථානයක් ඇත්තේ බෞද්ධයන්ගේ පුජනීයතම සිද්ධස්ථානයක් වන බිහාර් ප්‍රාන්තයේ බුද්ධගයාව අසලයි. එමෙන්ම, ඇගේ බැංකු කාඩ්පත යොදාගෙන ඉන්දීය රු.76,000ක්ද ඔවුන් පැහැරගෙන ගොස් ඇත.

කෙසේ වෙතත් පළමුව බරණැස ප්‍රදේශයට පැන ගැනීමට සමත් වූ මෙම ජපන් ජාතික ශිෂ්‍යාව පසුව කල්කටාවට පැමිණ ජපන් තානාපති කාර්යාලය ඔස්සේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාර පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියානු පොලීසිය පවසන්නේ සංවිධානය වූ කල්ලියක් තනිව සිටින කාන්තාවන් තම ඉලක්කය කරගන්නා බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>