ජයලලිතාගේ ඉල්ලීම මෝඩි ඉටු කරයි

jayalalitha and modi

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ධීවර ගැටළුවට දිගුකාලීන විසදුමක් ළඟා කර ගැනීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය තුළ විශේෂ රැස්වීමක් කැඳවා ඇති බව වාර්තා වේ.

දෙරට අතර පවතින ධීවර ගැටළුව විසඳන ලෙස ඉල්ලා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් වාර කිහිපයකදීම ඉන්දීය අගමැතිට ලිපි ලියමින් මධ්‍යම රජයට බලපෑම් කිරීම හේතුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මෙම රැස්වීම සංවිධානය කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම රැස්වීම ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධාන ලේකම් නිපේන්ද්‍ර මිස්‍රාගේ මුලිකත්වයෙන්, එරට කෘෂිකර්ම සහ ස්වදේශ කටයුතු පිළිබද අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.

එහිදී මුහුදුසීමා උල්ලංඝණය කරමින් ධීවර කටයුතු නිරතවීම පිළිබඳව සහ ඉන්දීය ධීවරයින්ගේ සුබසාධනය සම්බන්ධයෙන් සාකච්ජා කෙරෙනු ඇති බව වාර්තා වේ.

මේ අතර ලබන 23 වනදා පම්බන් පාළම හරස් කරමින් උද්ඝෝෂණයක නිරතවීමට රාමේෂ්වරම් ධීවරයින් තීරණය කර ඇත. මෙරට අත්අඩංගුවේ පසුවු ඉන්දීය ධීවරයින් නිදහස් කළ ද ඔවුන්ගේ ධීවර යාත්‍රා නිදහස් නොකිරීමට ශ්‍රී ලංකා රජය ගත් පියවරට විරෝධතාව පළ කරමින් ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර මෙරට ආරක්ෂක සමුළුවට පැමිණ සිටින භාරතීය ජනතා පක්ෂයේ උපාය මාර්ගික ක්‍රියාකාරී කමිටුවේ සභාපති සුබ්‍රමනියම් සාමි මහතා එම සමුළුව අමතමින් ඉල්ලා ඇත්තේ වසර තුනක කාලයක් සදහා ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට ඉන්දීය ධීවරයින්ට අවස්ථාව දෙන ලෙසයි.

01

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ,

දුප්පත් ඉන්දීය ධීවරයින් හොද මාළු අල්ලන්න අවස්ථාවක් නෑ.මන්නාරම් බොක්කේ ඉන්දීය කොටසේ මත්ස්‍ය සම්මත දැන් නැතිවෙලා තියෙන්නේ. අපනයනය කරන්න පුළුවන් හොඳ මාළු ඔක්කොම ඉන්නේ ශ්‍රී ලංකාව පැත්තේ.ඒ නිසා අපේ ධීවරයින් ලංකාව පැත්තට එනවා‍.ඔවුන්ගේ බෝට්ටු හිමිකරුවන් ඔවුන්ට බලකරනවා ශ්‍රී ලංකාව වෙත ගොස් මාළු අල්ල්න කියල. ඒක නොකළොත් ඔවුන්ට මාළු අපනයනය කරන්න බැරි වෙනවා. ඒකෙන් වෙන්නේ බෝට්ටුවට ගහන්න තෙල්වලට යන වියදමවත් උපයා ගන්න බැරිවෙනවා. අපි ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග සාකච්ඡා කළ යුතුයි. අපිට අවුරුදු තුනක් දෙන්න අපේ මුහුදු මසුන් යළි වගා කරන්න. ඒ කාල සීමාව තුළ අපිට ඉඩ දෙන්න වරින් වර ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ මසුන් අල්ලන්න. ශ්‍රී ලංකා බන්ධනාගාරවල එකම ඉන්දීය ධීවරයෙක්වත් නෑ. එහෙම ඉන්නවා නම් ඔවුන් නිදහස් කිරීමට වැඩ කටයුතු සිදුවෙමින් තියෙන්නේ

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>