ජයලලිතාගේ තැන පන්නීර් සෙල්වම්ට

paneer selwam

ඉන්දියා රුපියල් කෝටි 60කට වැඩි මුදලක් උපයා ගත් අයුරු හෙළි කළ නොහැකි වීම නිසා සිව් වසරක් හිට ගෙට නියම වූ තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් වෙනුවට ඇගේ හිතමිතුරු පනීර් සෙල්වම් මහ ඇමැති පදවියට නම් කර ඇත.

ඔහු 2011 වසරේ සිට තමිල්නාඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර මීට පෙර තමිල්නාඩුවේ ප‍්‍රධාන අමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කළ අයෙකු බවද වාර්තා වෙයි.

ද්‍රවිඩ මුන්නේත‍්‍ර කලහම් පක්ෂයේ සාමාජිකයින් අද සිදුකළ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙසේ නව මහඇමතිවරයා ලෙස ඕ. පන්නීර් මහතා පත් කර ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙයි. එමෙන්ම පක්ෂයේ පිරිසක් බැංගලෝරයේ පරප්පර අග්‍රහාර සිරගෙදර දී ජයලලිතා හමු වූ බවත් පනීර් සෙල්වම් එම තනතුරට පත් කළ යුතු බවට ඇය උපදෙස් දී ඇති බවද වාර්තා වේ.

මේ අතර ජයලලිතා ජයරාම් තමන්ට පැනවූ සිරදඬුවමට එරෙහිව හෙට දිනයේදී මහාධිකරණය හමුවේ ඇපෑලක් ගොනු කිරීමට සූදානම් බවද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>