ජයලලිතාට වසර හතරක සිර දඬුවම්
ඉන්දියාවේ තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් මහත්මියට වසර හතරක සිර දඬුවම් බැංගලෝර් අධිකරණය විසින් නියම කර තිබේ. සිමා රහිත ලෙස වත්කම් එකතු කරගෙන අයථා ලෙස සිය වත්කම් හෙළි කිරීම සම්බන්ධයෙන් ජයලලිතා ජයරාම් මහත්මියට චෝදනා එල්ල වී තිබුණි.
ඉන්දියා රුපියල් කෝටි තුනේ සිට කෝටි 66 දක්වා වැඩි වූ ආකාරය සම්බන්ධයෙන් ඇයට නඩු පවරා තිබිණි. මේ නඩුව වසර 18කට පෙර ගොනු කර තිබු එකකි.
තමිල්නාඩු මහඇමතිනියට සිරදඬුවමට අමතරව ඉන්දීය රුපියල් කෝටි 100 ක දඩයක් ද නියම කෙරුණා.
ඒ අනුව ඊයේ (27) ඇයව සිරභාරයට ගෙන ඇත. බන්ධනාගාරයේ ආහාර වට්ටෝරුවට අනුව ජයලලිතාට රාගි නොහොත් රොටි, සාමාන්‍ය බත් ස්වල්පයක්, සාම්බාරු, මීකිරිබත් සහ අච්චාරු පිරිනැමූ බවයි බැංගලෝර් බන්ධනාගාරයේ නිලධාරියෙකු උපුටා දක්වමින් එන්.ඞී.ටී.වී ප්රවෘත්ති සේවය වාර්තා කරයි. සිරදඬුවම් නියම වීමෙන් පසු බැංගලෝර් මධ්‍යම බන්ධනාගාරය වෙත ඊයේ පස්වරුවේ රැගෙන ආ ජයලලිතා ජයරාම් එහි කාන්තා අංශයේ විශේෂ මැදිරියක රඳවා තිබෙන බව වාර්තා වේ.
අදාළ තීන්දුව හේතුවෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිනි ධූරයද ජයලලිතා ජයරාම් මහත්මියට ඇතැම් විට අහිමිවීමට ඉඩ ඇති බවද විදේශ පුවත් වාර්තා කරයි.