ජලය පිරවූ බඳුනකට වැටී කුඩා දරුවෙකු මියයයි

null

වැසි ජලය එක්රැස් කර ගැනීම සඳහා තබා තිබූ විශාල ප‍්‍රමාණයේ ප්ලාස්ටික් භාජනයකට වැටීමෙන් කුඩා පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ හලාවත විජයකටුපොත ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 1යි මාස 11ක් වයසැති එල්.පී. අදීෂ අනුහස් නමැති දරුවෙකි.

ප‍්‍රදේශයට මේ දිනවල පවතින වර්ෂාවත් සමඟ වැසි ජලය එක්රැස් කර ගැනීම සඳහා දෙමාපියන් විසින් වාහනවලින් ඉවත් කෙරෙන විශාල ප‍්‍රමාණයේ බැටරියක් පිරිසිදු කර, ඊට ජලය එකතු කිරීමට පියවර ගෙන තිබේ. එය නිවස පිටුපස තබා ඇති අතර, දරුවා ඒ ආසන්නයේ සෙල්ලම් කිරීමට ගොස් එයට වැටීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙ. දෙමාපියන් දරුවා පිළිබද පසුව සොයා බලන විට දරුවා භාජනයට වැටී සිටින අයුරු දැක ඇත.

ඉන්පසු වහා ක්‍රියාත්මක වූ දෙමව්පියන් කුඩා දරුවා ආනවිලූන්දාව ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා දරුවා ඇතුළත් කෙරුණේ හලාවත මහරෝහලයි. එහෙත් ඒ වනවිටත් දරුවා මියගොස් සිට ඇති බවට වාර්තා වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>