ජල බඳුනකට වැටී බිළිඳෙකු මියයයි

null

අවුරුද්දයි මාස 4ක් වයසැති දරුවෙකු වතුර බාල්දියකට වැටී මියගිය ශෝචනීය පුවතක් දඹුල්ල, ගලේවලින් වාර්තා වේ. දරුවා මෙසේ මියගොස් ඇත්තේ මිත්තනිය රෙදි සෝදමින් සිටි බාල්දියට වැටීමෙනි. මෙලෙස මියගොස් ඇත්තේ මොහොමඩ් අහමඩ් නැමැති ගලේවල කටුවලන්ද පාර ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි.

මිත්තනිය රෙදි සෝදමින් සිටින අවස්ථාවේ ඒ ආසන්නයේ මෙම දරුවා සෙල්ලම් කරමින් සිට ඇත. එම අවස්ථාවේ මිත්තණියට ක්ලාන්ත ගතියක් ඇති වීම නිසා එතැනින් ඉවත්ව පසෙකට වී සිටි අවස්ථාවේ දරුවා එම වතුර භාජනයට එබී තිබේ.

සෙල්ලම් කරමින් සිටි බිළිඳා පෙනෙන්නට නොසිටි බැවින් බිළිඳාගේ මව බිළිඳා සොයා තිබෙන අතර පසුව දැක ඇත්තේ දරුවා වතුර භාජනයේ ගිළී සිටින අයුරුය.

දරුවාගේ හිස වතුර භාජනය තුළත් කකුල් දෙක ඉහළට එසවීත් තිබියදී එය අදහාගත නොහැකිව දරුවා ව‍හා ගලේවල රෝහලට ගෙන ගියත් ඒ වන විටත් දරුවා මෙළොව හැර ගොස් තිබූ බව වාර්තා වේ.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>