ජල බෝතල් නිෂ්පාදන 37ක්‌ ප්‍රමිතියට නෑ

null

ශ්‍රී ලංකාවේ අලෙවි කරන පානීය ජල බෝතල් නිෂ්පාදන 37 ක්‌ ප්‍රමිතියෙන් තොර බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදුකළ පරීක්‍ෂණයකින් හෙළි වී ඇත.

මෙරට අලෙවි කරන සියලුම පානීය ජල බෝතල්වල සාම්පල ලබාගෙන රජයේ රස පරීක්‍ෂක, වෛද්‍ය පර්යේෂණ ආයතනය, නාගරික අනුජීව රසායනාගාරය හා කාර්මික තාක්‍ෂණ ආයතනය වෙත යොමු කර තිබේ.

එහිදී අදාළ සමාගම්වලින් නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදන 37 ක ජල බෝතල් ප්‍රමිතියෙන් තොර බවට තහවුරු වූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා සමන්තා කරුණාරත්න මහත්මිය පැවසුවාය.

මේ පිළිබඳව අවධානය යොමු කළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය 12 (2) වගන්තිය යටතේ පොලිමර් ද්‍රව්‍යයන්ගෙන් සාදන ලද පානීය ජලය ඇසිරීම සඳහා භාවිත කරන බඳුන්/බෝතල් සඳහා වන ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර (එස්‌එල්එස්‌) 1336 අනිවාර්ය කරමින් 2016 සැප්තැම්බර් මස පළමු වැනිදා සිට බලාත්මක වන පරිදි ගැසට්‌ පත්‍රයක්‌ නිකුත් කර ඇත. ඉදිරියේදී ප්‍රමිතියෙන් තොර පානීය ජල බෝතල් වෙළෙඳ පොළට නිකුත් කරන ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් පවසයි. නිෂ්පාදන සමාගම් 80ක්‌ ශ්‍රී ලංකාවේ ඇත.

(ලසිත දුමින්ද)

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>