29 Aug 2015
ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යමයි – TNA
යුද අපරාධ පිළිබඳව දේශීය පරීක්ෂණයකින් සෑහීමකට පත්විය නොහැකි බව උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් පවසයි.
හිරු නිව්ස් වාර්තා කරන පරිදි යාපනයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
මේ අතර, ශ්‍රී ලංකා හමුදා සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව ඉදිරිපත් කළ වීඩියෝ දර්ශන සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදුකරන බව යුද හමුදාව ප්‍රකාශ කරයි. එම වීඩියෝ දර්ශනවල සිටින්නේ හමුදා සාමාජිකයන් ද යන්න තහවුරු කර ගැනීම එහි අරමුණ බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ප්‍රකාශ කර ඇත.