ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න මම සුදානම් නෑ

null

ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තමා සූදානම් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ගල්ගමුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ පරාජය ස්ථීර බවයි. රට තුළ ගොඩනැගූ ස්වයංපෝෂිත ආර්ථිකය විනාශ වී ඇතැයි ද ඔහු පෙන්වාදෙයි.

එමෙන්ම තමන් භාවිත කරන නිල රථ දෙක සඳහා මුදල් ගෙවීමක් සිදුකළ යුතු නම් ඒ පිළිබඳව කඩිනමින් දැනුම් දෙන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

රජයේ අමාත්‍යවරුන්ට ලබා දී ඇති නිල වාහන මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා යොදා ගන්නේ නම් රුපියල් ලක්ෂයක මුදලක් අය කිරීමට රජය ඉකුත් දා තීරණය කරන ලදී. හිටපු ජනාධිපතිවරයා පැවසුවේ එම නිසා තමන් ද අදාළ මුදල ගෙවීමට සූදානම් බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>