ජාතික ගීය දෙමළ බසින් මෙන්න

null

ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අවසර ලබාදී තිබේ. ඒ ඊයේ පැවති විධායක සභාවේදී ය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා ඇත්තේ ඉදිරියේදී ජාතික ගීය දමිළ බසින් ගැයීමට ව්‍යවස්තානුකුලව අයිතිය ලබාදෙන බවයි.

බොහෝ පිරිස් මෙම තීරණයට විරෝධය දක්වන අතර ඔවුන් පවසන්නේ එකම රටකට භාෂා දෙකකින් ජාතික ගී තිබිය යුතු නැති බවය.

කෙසේ වෙතත් වෙනත් රටවල් කිහිපයක ද භාෂා දෙකකින් හෝ කිහිපයකින් තම ජාතික ගී නිර්මාණය කර තිබේ. ඒ අතර කැනඩාව,අයර්ලන්තය,නවසීලන්තය,ස්විට්සර්ලන්තය සහ දකුණු අප්‍රිකාවද වේ.

දෙමළ භාෂාවෙන් ගායනා කරන ජාතික ගීය පහතින්…

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>