ජාතික රූපවාහිනියේ කලබල කලේ ඉහළින් ආපු ඕඩරේට

null

2007 වසරේදී හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ජාතික රූපවාහිනී සංස්ථාවේ ඇතිකරගත් කලබලය ගැන ඊයේ හිරු ටීවී ඔස්සේ විකාශය වූ වැඩසටහනකට එක්වෙමින් අදහස් පළකර තිබේ.

එහිදී ඔහු පවසා ඇත්තේ තමා පසුගිය ආණ්ඩු කාලයේ ජාතික රූපවාහිනියේ කලබලයක් ඇති කරගත්තේ සිය ඕනෑකමකට නොව ඉහළින් ආ නියෝගයක් මත බවයි.

ඔහු වැඩි දුරටත් අදහස් දක්වා ඇති අයුරු පහතින්…

ජාතික රූපවාහිනියට යන්න මට ඕන කමක් තිබුනෙ නෑ. මට ආපු නියෝගයක් අනුව මං එතැන්ට ගියේ.
කවුද ඒ නියෝගය කලේ?

මට කියන්න බෑ ඒක. එතකොට ඒක පාවාදීමක් වෙනවා.ජනාධිපතිතුමාට එරෙහිව මං වචනයක්වත් කියන්නෙ නෑ.

එතකොට ගස් බැන්දෙ ඇයි?
ගස් බැන්දයි කියන කතාව සම්පූර්ණයෙන්ම රටට දුන්නු වැරදි ආදර්ශයක්. ඒක මම නෙමෙයි දුන්නෙ?
ඇත්තටම මන්ත්‍රීතුමා අර සමෘද්ධි නියාමකය ගස් බඳින කොට හිතුනෙ නැද්ද ඒක මෝඩ වැඩක් කියල?මොළේ

කඳුලක්වත් තිබුනෙ නැද්ද?
මම ගොඩේ බව ඇත්ත. ඔයා කොළඹට කිට්ටු බව ඇත්ත.ගොඩේ මිනිස්සුන්ට තරං මොළේ නැහැ නගරෙ මිනිස්සුන්ට. දෙවැනි එක තමා දරුවො මැරිල මැරිල ඩෙංගු රෝගයෙන් ප්‍රදේශවාසීන් ඇවිස්සුණොත් නිලධාරීන් නේද ගුටි කන්නෙ

නයිට් ක්ලබ් යන්න ඔබේ පුතාට අධිකරණයෙන් අවසර හම්බ වුණාද?
නෑනෙ. ඒ සේරම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙ නියෝග නේ.

විශ්ව විද්‍යාල ළමයි අධ්‍යාලනය ඉල්ලල අරගල කරනවා. තරුණයො රැකියාවක් ඉල්ලල පාරට බහිනවා. ඔබේ පුතා නයිට් ක්ලබ් යන්න කියල අධිකරණයෙන් අවසර ඉල්ලනවා.
අපි ගමේ ඉන්න කාලෙ තොවිල් ගෙවල් බලි ගෙවල් වලට ගියා. ගමේ නයිට් ක්ලබ් තිබුනෙ නෑ. කොළඹ ඉන්න ළමයා තොවිල් ගෙදරක යන්නද? ඒව තේරුම් ගන්න ඔයත් තරුණයෙක් හැටියට ඒව තේරුම් ගන්න.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>