ජාතික රෝහලේදී වෛද්‍යවරුන් දෙපිරිසක් අතර ගැටුමක්

colombohospital
කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් දෙපිරිසක් අතර හටගෙන ඇති ගැටුමක් හේතුවෙන් එම රෝහලට පොලිස් ආරක්ෂාව යෙදීමට පියවරගත් ‍බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් දෙපිරිසක් අතර ඊයේ දහවල් අවස්ථා දෙකකදී ඇති වූ ගැටුම්කාරී තත්ත්වය වෛද්‍යවරුන් අතර ගුටි හුවමාරුවකින් කෙළවර වී තිබේ. රෝහලේ ආපනශාලාවේදී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අත්පත්‍රිකා බෙදමින් සිටි අවස්ථාවේ මෙම ගුටි හුවමාරුව සිදුවී ඇති බවද ඒ අතරතුර වෛද්‍යවරු පිරිසකට සෝස් ප්‍රහාරයක්ද එල්ල වූ බව එම සංගමයේ මාධ්‍ය අනුකමිටු සාමාජික වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා පැවැසීය.

පසුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කොළඹ ශාඛා සමිතිය පිහිටුවීම සිදු කෙරෙමින් තිබියදී එම ස්ථානයට පැමිණි වෛද්‍යවරු පිරිසක් හෘද රෝග වෛද්‍ය විශේෂඥයන් වන වෛද්‍ය රොහාන් ගුණවර්ධන, වෛද්‍ය සුරේෂ් කොට්ටගොඩ යන වෛද්‍යවරුන්ට පහරදී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය රජීව මාතරගේ මහතා පවසා ඇත.

මෙම වාතාවරණයත් සමග කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයට පොලිස් ආරක්ෂාව යොදා ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>