29 Jul 2015
ජාතික රෝහලේ අද වර්ජනයක්
කොළඹ ජාතික රෝහලේ පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා 14 ක සේවකයින් අද (29) උදෑසන 8.00 සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව හෙද පරිපූරක අතුරු වෛද්‍ය වෘත්තීය සේවාවන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.
උසස්වීම් ලබා නොදීම, දීමනා විෂමතා ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයකට සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම වර්ජන ක්‍රියාමාර්ගය දියත් කරන බව එම ඒකාබද්ධ බලමණ්ඩලයේ ප්‍රධාන ලේකම් සමන් ජයසේකර සඳහන් කර ඇත.
තම ගැටලූවලට අද දිනය තුළ සඳුම් නොලැබුණහොත් හෙට දිනය පුරා මෙම වර්ජනය දියත් කරන බව ද ඔහු පවසයි.