ජිනිවාහිදී ශ්‍රී ලංකාවට රටවල් රැසක සහය
ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් ඉදි්රිපත් වූ යෝජනාවන්ට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඊයේ (30) අනුමැතිය හිමි විය. ඒ, අදාළ යෝජනා පිළිබද දීර්ඝ විවාදයකින් පසුවයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවලට විනාඩි 3 බැගින්ද නිරීක්‍ෂණ රටවලට විනාඩි 2 බැගින්ද එහිදී අදහස් දැක්වීමට අවස්ථාව හිමි විය.
මෙරට මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත් කළ නිර්දේශ සහ ලක් රජයට සහාය පළ කර ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳව ඊයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී විවාදයට ගෙන තිබේ.
විවාදයට එක්වෙමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සැසිවාරය අමතනු ලබා තිබේ.
ශ‍්‍රි ලංකාවේ පසුගිය ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ විමර්ශන කෙරෙහි ප‍්‍රතිරෝධයක් දැක්වුවත් නව ආණ්ඩුව ඒ සදහා සහයොගයෙන් කටයුතු කළ බවත්, ශී‍්‍ර ලංකාවේ සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් හයිබි‍්‍රඞ් අධිකරණයක් පිහිටුවීමට තමන් නැවත යෝජනා කරන බවත් සෙයිඞ් අල් හුසේන් කුමරු පවසා ඇත.
අනතුරුව අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා අමෙරිකාව ප‍්‍රමුඛ රටවල් කිහිපයක් ඉදිරිපත් කළ යෝජනාවට ශී‍්‍ර ලංකාවද සහාය ලබාදෙන බවත් අන්තර් ජාතික ප‍්‍රජාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ශී‍්‍ර ලංකාව දැන් සූදානම් බවත් සඳහන් කර තිබේ.
මෙහිදී විවාදයට එක් වෙමින් යුරෝපා සංගමය, රුසියාව, එක්සත් රාජධානිය, ප‍්‍රංශය, ජපානය, ඇමරිකාව ඇතුලූ රටවල් 29 ක් ශ‍්‍රී ලංකාවට සහය පළ කරමින් අදහස් දක්වා ඇත.