ජිනීවා වාර්තාව කල්තැබීම ගැන යාපනයේ විරෝධය

null

ප්‍රධාන කාරණා තුනක් මුල් කරගනිමින් උතුරේ අතුරුදන් වූවන් වෙනුවෙන් පිහිටුවා ඇති සංවිධානය අද යාපනය වීරසිංහම් ශාලාව ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා තිබේ.

අද නිව්ස් වාර්තා කරන පරිදි ජිනීවා මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාව පිළිබඳ වූ වාර්තාව කල්තැබීමට විරෝධය පෑම, යුද සමයේදී අතුරුදන් වූ වැසියන් සොයාදෙන ලෙසින් සහ දේශපාලන සිරකරුවන් නිදහස් කරන මෙන් වත්මන් රජයට බලකිරීම මෙම උද්ඝෝෂණයේ අරමුණ විය.

එහිදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, එම්.ඒ. සුමන්දිරම් යන මන්ත්‍රීවරුන්ට උද්ඝෝෂකයෝ දැඩි විරෝධය පළ කල අතර ඔවුන් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම් ඒ සුමන්තිරන්ගේ පඹයකු පුළුස්සා තිබේ.

එම මන්ත්‍රීවරුන් වත්මන් රජයට පක්‍ෂපාතී වෙමින්, ජිනීවා මානව හිමිකම් වාර්තාව එළිදැක්වීම කල්දැමීමට විරුද්ධ නොවීම ඔවුන්ට එරෙහිව විරෝධය පෑමට හේතුව විය.

එමෙන්ම රජයේ නිල නිදහස් උළෙලට පාර්ලිමේන්තු ක්‍රීඩා පිටියේ දී සහභාගී වීමෙන් ඔවුන් දෙමළ ජනයාට අසාධාරණයක් කළ බව ද උද්ඝෝෂකයෝ කීහ.

null
null
null

pics – ලංකාදීප

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>