20 Mar 2015
ජෙනරාල් ෆොන්සේකා ෆීල්ඩ්මාෂල් ලෙස උසස් කරයි
හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ෆීල්ඩ්මාෂල් තනතුරට උසස් කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර ඇති බව හිරු නිව්ස් වාර්තා කරයි.
ඒ පිළිබඳ නිල උත්සවය ලබන ඉරිදා (22) ආරක්ෂක අමාත්‍යංශයේ දී පැවැත්වෙනු ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ නිල උත්සවය පැවැත්වෙන බව ජනපති ලේකම් කාර්යාලය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ෆීල්ඩ් මාෂල් ධුරයට උසස් කැරෙන ප්‍රථම හමුදා නිලධරයා වන්නේ ද සරත් ෆොන්සේකා මහතා ය.
ෆීල්ඩ් මාෂල් තනතුරට තරු පහක් හිමි වන අතර ඔහු කිසි දිනක විශ්‍රාම නොයයි. ෆීල්ඩ් මාෂල් වරයකුට විශේෂ වරප්‍රසාද රැසක් ද හිමි වෙයි.