ජෙලි ෆිෂ් නිසා පොල්හේනේ දියනෑම තහනම්
ජෙලි ෆිෂ් නමැති විෂ සහිත මත්ස්‍ය විශේෂය ස්පර්ශ වීම හේතුවෙන් මාතර පොල්හේන මුහුදු තීරයේ දිය නෑමට පැමිණි පුද්ගලයින් 5 දෙනෙකු අද (21) දිනයේ ද රෝහල් ගත කර තිබේ.
මේ හේතුවෙන් පොල්හේන වෙරළ තීරයේ සංචාරකයින්ට දිය නෑම තාවකාලිකව තහනම් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය තීරණය කර ඇත.
ඊට අමතරව ගල්කිස්ස මුහුදු තීරයේ දිය නාමින් සිටි පුද්ගලයින් 30 දෙනෙකු පමණ ජෙලිෆිෂ් ස්පර්ශවීමෙන් පසුගිය දින කිහිපයේම රෝහල් ගත කර තිබේ.
සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කර ඇත්තේ නිරිතදිග මෝසම් වැසි නිසා මුහුදේ ඇති වන සුපෝෂණ තත්ත්වය ඉහළ යාම ජෙලි ෆිෂ් මත්ස්‍ය ගහණය වැඩිවීමට හේතු වී ඇති බවත්, ඉදිරි සති දෙක ඇතුළත මෙම තත්ත්වය මග හැරී යනු ඇති බවත් ය.
එමෙන්ම මෙම මත්ස්‍ය විශේෂය ශරීරයේ ස්පර්ශ වුවහොත් ඇතිල්ලීමක් සිදුනොකර විනාකිරි හෝ උණු වතුර භාවිත කර එම ස්ථානය සෝදා අනතුරුව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු ය.
පොල්හේන වෙරළේ ජෙලි ෆිෂ් ආක්‍රමණය…