ජේම්ස් පැකර් මෙරට කැසිනෝ ව්‍යාපෘතිය අත්හරී

null

ආණ්ඩුව ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් පසු ඕස්ටේ‍්‍රලියානු කැසිනෝ ව්‍යාපාරිකයෙකු වන ජේම්ස් පැකර් ශ‍්‍රී ලංකාව තුළ සිදුකිරීමට නියමිතව තිබූ ආයෝජන ව්‍යාපෘති අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ නව රජය විසින් බදු සහන කපා දැමීම හේතුවෙනි.

ජේම්ස් පැකර්ට අයත් ක්‍රවුන් සමාගම විසින් කොළඹ ලේක්හවුස් ඉදිරිපිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූනේ ඩොලර් මිලියන 400 ක් වටිනා ලේක් ලෙෂර් හෝටල් ව්‍යාපෘතියකි.

පසුගිය ආණ්ඩුව ඊට අදාළව බදු සහන ලබාදුන් වාර්තාවීමත් සමඟ ජේම්ස් පැකර් සම්බන්ධයෙන් පුළුල් කතාබහක් ඇති විය.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා අනුව ක්‍රවුන් සමාමේ ප්‍රකාශවරියක් පවසා ඇත්තේ, එම සමාගම ශ්‍රී ලංකා රජයේ තීරණයට ගරු කරන අතර ඒ හේතුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවන බව ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>