ජෝතිශ්‍යවේදී මංජුල පීරිස්ට එරෙහිව පැමිණිල්ලක්

null

ජ්‍යෝතිෂවේදි මංජුල පීරිස් මහතා මහජන සාමය හා සමගිය කඩවන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීමක් සිදුකළ බවට නීතිඥ යසස් ද සිල්වා මහතා මිරිහාන පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.

ජ්‍යෝතිෂ්‍ය වැඩසටහනක මුවාවෙන් රූපවාහිනී නාලිකාවක විකාශය වූ වැඩසටහන‍කදී මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දක්වමින් ඔහු මේ ප්‍රකාශය සිදුකර ඇතැයි පැමිණිල්ලේ දැක්වේ.

එහිදී ඔහු ප්‍රකාශ කර තිබුනේ මෙවර මහ මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ බලයට පත් නොවුණහොත් ලංකාව තුළ එල්.ටී.ටී.ය නැවත වරක් හිස ඔසවන බවට යි.

මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් කළ හෙයින් ජාත්‍යන්තරය අප සමග වෛරී ලෙස කටයුතු කරන බැවින් ඒ සමඟ සටන් කල හැකි නායකයෙකු පත් කරගත නොගතහොත් රට පත්වන අනතුරෙන් ගොඩ ගැනීමට හැකියාවක් නොමැති බව ද මංජුල පීරිස් මහතා පවසා ඇත.

මෙම ප්‍රකාශය සම්බන්ධව නීතිඥ යසස් ද සිල්වා මැතිවරණ කොමසාරිස්වරයාද දැනුවත් කොට තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>