ජෝන් කෙරී ගෙන් රුසියාවට චෝදනා.

john kerry
නැගෙනහිර යුක්රේනයේදී කැරලිකරුවන්ගේ ප‍්‍රහාරවලින් කඩා වැටුණු මලයාසියානු ගුවන් සේවයට අයත් බෝයිං 777 මගී ගුවන් යානය නැගෙනහිර යුක්‍රේනයේ දී බිම හෙලීම පිළිබඳ වගකීම රුසියාව විසින් භාරගත යුතු බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසයි. මෙයට රුසියාවේ සම්බන්ධයක් ඇති බවට සාක්ෂිද ඇති බව ඔහු පෙන්වා දෙයි.

ඔහු පවසන්නේ, අනතුරට පත් ගුවන් යානයට එල්ල කරන ලදැයි සැලකෙන එස්. ඒ. ඉලෙවන් මිසයිලය රුසියාව විසින් රුසියානු හිතවාදී කැරලිකරුවන් වෙත ලබා දුන් බවට හෙළි වී ඇති බව ය. මේ හේතුවෙන් රුසියවට එරෙහි සම්බාධක දැඩි කරන බවට ද ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා නිවේදනය කර තිබේ.
මේ වන විට මියගිය පුද්ගලයන්ගේ මළ සිරුරු 156ක් ටොර්ස් නගරයට නුදුරින් පිහිටි අධි ශීතකරණයක් සහිත දුම්රිය මැදිරි තුළ තැන්පත් කර තිබේ. මේ ක්‍රියා පිළිවෙත පිළිකුල් සහගත බව ඇමරිකාව, බි‍්‍රතාන්‍ය සහ ඕස්ටේ‍්‍රලියාව පවසනවා.

train

මේ අතර මෙය රුසියානු ජනාධිපති පුටින් ඝාතනය කිරීමේ අරමුණින් කළ බවට සැකයක් පවතින බවද බි‍්‍රතාන්‍යයේ ඬේලිමේල් පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබුණා. මැලේසියානු ගුවන් සේවයට අයත් යානය සහ රුසියානු ජනාධිපතිවරයා ගමන් ගන්නා යානය මතුපිටින් සමාන ලක්ෂණ පවතින අතර ප‍්‍රහාරයෙන් විනාශ වූ මලයාසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානය යුක්රේනයට ඉහළින් පියාසර කර මිනිත්තු 40 කට පසුව රුසියානු ජනාධිපතිවරයා ගමන් ගත් යානය එම ස්ථානය පසුකිරීමට නියමිතව තිබී ඇත.
කෙසේ වෙතත් මලයාසියානු ගුවන් සේවය මගින් යානයේ ගමන් ගත් මගී ලැයිස්තුව ඊයේ නැවතත් යාවත්කාලීන කර ඇත. ඒ අනුව, එහි නෙදර්ලන්ත ජාතිකයන් 193 දෙනෙකු, කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු ඇතුළු මලයාසියානු ජාතිකයන් 43 දෙනෙකු, ඕස්ටේ‍්‍රලියානුවන් 27 දෙනෙකු, ඉන්දුනීසියානුවන් 12 දෙනෙකු සහ බි‍්‍රතාන්‍ය ජාතිකයන් 10 දෙනෙකු ගමන් කර තිබේ. ඊට අමතරව, ජර්මානු, බෙල්ජියම්, පිලිපීන, කැනඩා සහ නවසීලන්ත ජාතිකයන් ද යානයේ ගමන් කර ඇති බව ගුවන් සේවය ප‍්‍රකාශ කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>