ජෝර්ජ් කුමරු නැගණිය සමග ලබාගත් ප්‍රථම ඡායාරූප පෙළ නිකුත්වේ

null

බ්‍රිතාන්‍ය රජපවුලේ අලුත් සාමාජිකයින් වන ජෝර්ජ් කුමරු සහ ඔහුගේ නැගණිය වන චාලට් කුමරිය එකට සිට ගත් ඡායාරූපයක් ප්‍රථම වරට මාධ්‍යට නිකුත් කර තිබේ.

විලියම් කුමරු සහ කේට් කුමරියගේ පළමු දරුවා වන ජෝර්ජ් කුමරුන් උපත ලැබුවේ 2013 වසරේ ජූලි මස 22 වනදා ය. ඔවුන්ගේ දෙවන දරුවා වන චාලට් කුමරිය මෙලොව එළිය දුටුවේ ඉකුත් මැයි මස දෙවැනිදා ය.

ඔවුන් දෙදෙනා එක්ව සිටින ඡායාරූප 04ක් මෙලෙස මාධ්‍යවෙත නිකුත් කර ඇති අතර ජෝර්ජ් කුමරුන් විසින් සිය නැගණිය උකුලේ හොවාගෙන එම ඡායාරූප සඳහා පෙනී සිට තිබේ.

මෙම ඡායාරූප ගෙන ඇත්තේ මීට සතියකට පමණ පෙර බව බී.බී.සී ලෝක සේවය වාර්තා කරයි.

null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>