18 Jan 2015
ජෝර්දානයේදී ලාංකික තරුණයන් 2ක් මරුට
ජෝර්දානයේ සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔවුන් කුරුණෑගල සහ කුලියාපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.
මොවුන් දෙදෙනා නවාතැන්ගෙන සිටි කාමරය තුළ මියගොස් සිටියදී සොයාගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා සඳහන් කර තිබේ.
පවතින ශීත කාලගුණය හේතුවෙන් ඔවුන් සිය කාමරය තුළ ගින්දර දල්වා නින්දට ගොස් ඇති අතර එහිදී කාමරය තුළ ඔක්සිජන් අඩුවීම හේතුවෙන් ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇති බව අනාවරණය වී ඇත.
මෙම තරුණයින් දෙදෙනා ජෝර්දානයේ ඇඟළුම් කම්හලක සේවය කරමින් සිට තිබේ.
ඔවුන්ගේ මෘත ශරීර දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු සකස් කර ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා සඳහන් කරයි.