ඥාණසාර හිමියන්ට වරෙන්තු
බොදු බලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා අද (12) වරෙන්තු නිකුත් කර තිබේ.
නඩු විභාගයක් සඳහා පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් එලෙස වරෙන්තු නිකුත් කර තිබේ.
කුරානයට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම සහ කොම්පඤ්ඤ වීදියේ හෝටලයක පැවති ජාතික බල සේනාවේ මාධ්‍ය හමුවකට කඩාවැදී එහි ලිපි ලේඛණ පැහැරගෙන යෑමේ සිද්ධීන් දෙකකට අදාළව ජාතික බල සේනාව මෙම නඩුව ගොනුකර තිබුණි.
එම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ගොනුකර ඇති අතර අදාළ නඩුව අද කැඳවු අවස්ථාවේ ඊට පෙනී නොසිටීමේ චෝදනාව මත උසාවිය වරෙන්තු නිකුත් කර ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ කියා සිටියේ මෙම සිද්ධියට සම්බන්ධ වීඩියෝ පට මොරටුව සරසවියට යොමුකර ඇති නමුත් මෙතෙක් ඊට අදාළ වාර්තාව ලැබී නැති බවයි.
කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා එම නඩු විභාගය නොවැම්බර් 9 වැනිදාට කල්තැබීය.