ඥානසාර හිමිට ISIS තර්ජන

null

බොදු ජන පෙරමුණේ නායක පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ISIS මුස්ලිම් අන්තවාදීන් ගෙන් තර්ජන එල්ලවී ඇතැයි එම පක්ෂය පවසයි.

එම පෙරමුණෙන් මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයට තරගවදින එහි ලේකම් ඩිලන්ත විතානගේ මහතා අද (26) පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමෙන් පසුව මාධ්‍ය අමතමින් ඩිලන්ත මහතා කියා සිටියේ සිරියාවට ගොස් සිටියදී ගුවන් හමුදා ප්‍රහාරයකින් මියගිය ISIS සටන්කරු ගලේවෙල ජාත්‍යන්තර පාසලක හිටපු විදුහල්පති හා කරාටේ ශූරයකු වන මොහමඩ් මුහඩීන් සර්නාස්‌ නිලාම් හෙවත් නිලාබ්ඩීන්ගේ ෆේස්බුක් පිටුවේ ඥානසාරි හිමි මරාදැමිය යුතු බවට ඉඟි පලකර තිබූ බවයි.

එසේම ISIS සටන් කරුවන් බොදු ජන පෙරමුණට සම්බන්ධ අයගේ තොරතුරු රැස්කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවද ඒ මහතා ප්‍රකශ කර ඇත.

මොහු පසුගියදා ජීවිතක්ෂයට පත්වුණේ අයි.එස් ත්‍රස්තවාදී සංවිධානය සමඟ එක්ව සටන් වැදි මියගිය ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙසටයි. ඒ පිළිබඳව ඔහුගේ ජාතික හැඳුනුම්පත ඔස්සේ සහ ඥාතීන්ගෙන් තොරතුරු පොලිසිය විසින් පසුගියදා ලබා ගෙන තිබුණි. මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් කිරීමට පොලිස්පතිවරයා තීරණය කර තිබූ අතර විමර්ශන කටයුතු සිදුකිරීමට භාරදී ඇත්තේ මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාටයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>