ඥානසාර හිමියන් අත්අඩංගුවට

null

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විදේශගතව සිටි උන්වහන්සේ ඊයේ (25) දිවයිනට පැමිණ ඇත.

උන්වහන්සේ අත්අඩංගුවට ගන්නා ලෙස පසුගියදා උසාවිය විසින් වරෙන්තු නිකුත් කර තිබිණ. ඒ අධිකරණ නියෝගයක් කඩකර උසාවියට නොපැමිණ සිටි නිසාය.

අධිකරණ නියෝගයක් නොතකමින් අල්ලස් කොමිසම ඉදිරිපිට ඉකුත් දා පැවැත් වූ විරෝධතාවකට සහභාගි වූ බවට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට චෝදනා එල්ල වී තිබුණි. ඒ අනුව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස උන්වහන්සේට වරෙන්තු නිකුත් කෙරුණ ද විදේශගතව සිටි බැවින් ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

විදේශගතව සිටි උන්වහන්සේ අද කුරුඳුවත්ත පොලීසියට ඉදිරිපත් වූ අවස්ථාවේ පොලීසිය විසින් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඇති අතර අද අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>