ඥානසාර හිමි රක්ෂිත බන්ධනාගාරයට

null

බොදුබල සේනා සංවිධානයේ මහලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ලබන මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අතුරුදහන් කෙරුණු මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් විභාගවන නඩුවක් ඊයේ (25) අධිකරණයේ විභාග වෙමින් පවතිද්දී උසාවි බිම තුළදී සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැණවැදී තර්ජනය කිරීම හේතුවෙන් ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරන ලදී.

ඒ අනූව උන්වහන්සේ අද හෝමාගම පොලීසියට බාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කෙරිණි.

එම අවස්ථාවේ හෝමාගම මහේස්ත්‍රාත්වරයා උන්වහන්සේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කර ඇත.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ නඩුව ඊයේ හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැණුනු අතර, එම අවස්ථාව දැක බලා ගැනීම සඳහා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසක් ද පැමිණ සිට ඇත.

නඩු විභාගයෙන් අනතුරුව ඥානසාර හිමියන් ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට බැනවැදී අධිකරණ කටයුතුවලට බාධාවන පරිදි දේශනයක් පවත්වා ඇති බව ඊයේ වාර්තාවිය.

ඒ අනුව නඩු විභාගය අවසානයේදී එහි පාර්ශවකරුවන් අධිකරණයෙන් පිටව ගිය පසු අදහස් දැක්වීමට පටන්ගත් ඥානසාර හිමියන් ප්‍රකාශ කර ඇත්තේ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ රණවිරුවන් සිරබාරයට ගැනීම වරදක් බවයි.

එමෙන්ම ඔවුන් සම්බන්ධයෙන් සෘජු තීරණයක් ගැනීමට මහේස්ත්‍රාත්වරයාට හැකියාව ඇති බවද උන්වහන්සේ සඳහන් කර තිබුණි.

එම අවස්ථාවේදී විනිසුරුවරයා ඥානසාර හිමියන්ට ප්‍රකාශ කළේ දිගින් දිගටම කතා කරන්නට උත්සාහ කරනවා නම් අධිකරණ කටයුතුවලින් ඉවත්ව තමන් එම ස්ථානයෙන් බැහැර වන බවයි.

කෙසේ වෙතත් ඥානසාර හිමියන් දිගින් දිගටම තවදුරටත් අදහස් දැක්වීම හේතුවෙන් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙය අධිකරණයට කරන ලද අපහාසයක් බැවින් උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇත.

අනතුරුවයි ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා පසුව ඥානසාර හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අද උදෑසන හෝමාගම පොලීසියට භාරවුණු ඥාණසාර හිමියන් පසුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>